නුගගොල්ල මහා විද්‍යාලය

මාතලේ

නුගගොල්ල මහා විද්‍යාලය

නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම.

පුස්තකාලය සිසු අයිතියට පත්කිරීම

Slide
IMG-20241031-WA00152.jpg
IMG-20241031-WA00162.jpg
IMG-20241031-WA00172.jpg

ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිපැදිය යුතු නීති රීති

  • දිනපතා පෙ.ව. 7.30 ට පෙර පාසල් භූමියට පැමිණිය යුතු අතර පංති කාමරය හා අවට පිරිසිදු කළ යුතුය.
  • නොපැමිණි දිනවල ඊට හේතු දක්වා ශිෂ්‍ය වාර්තා පොතේ අදාළ ස්ථානයේ සටහන් කරගෙන ආ යුතුය.
  • හදිසි අසනිපයකදී හෝ භාරකරුගේ ඉල්ලීමකදී හැර වෙනත් අවස්ථාවලදී පාසලට පැමිණි පසු යළි බැහැරව යාමට ඉඩ දෙනු නොලැබේ.
  • පාසලේ අනුමත නිල ඇඳුමින් පාසලට පැමිණිය යුතුය.
  • පාසල තුළදීත් ඉන් පිටතදීත් නිරතුරුවම ආචාරශීලීව හැසිරිය යුතුය.
  • නිරතුරුවම විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, විද්‍යාලයේත්, තමාගේත් ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතුය.
  • පාසල සතු දේපළ ආරක්ෂා කළ යුතු අතර අනවසරයෙන් ඒ කිසිවක් පාසලෙන් බැහැරට ගෙන යෑම නොකළ යුතුය.
  • සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම සහෝදර සහෝදරියන් සේ සලකා ඇසුරු කළ යුතුය.
  • පාසලේ දී පවරනු ලබන විෂය හා විෂය සමගාමී බාහිර කටයුතු සියල්ල කලට වේලාවට නිම කළ යුතුය.
  • පාසලේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට අවනත වීම, ගරු කිරීම, ආදරය දැක්වීම කළ යුතුය.
  • කිසිම අවස්ථාවක දෙමාපියන් හෝ භාරකරුවන් හැර පිටස්තර පුද්ගලයින් විද්‍යාලය තුළට කැදවාගෙන ඒම සපුරා තහනම්ය.
  • පාසලේ සීනුවට හැම විටම අවනත විය යුතු අතර කාල සටහන අනුව විෂය ඉගනීමේ කටයුතුවල නිරත විය යුතුය.
  • පන්ති මාරුවීම, රැස්වීම්වලට පැමිණීම, ක්‍රීඩා පිටියට පැමිණීම ආදිය කළයුත්තේ පෙළ ගැසීමෙන් අනතුරුවය.
  • විවේක කාලය තුල අන් අයට කරදරයක් නොවන අයුරින් හැසිරිය යුතුය.
  • පාසලට දිවා ආහාරය රැගෙන එන විට නියමිත භාජනයක ගෙන ආ යුතු අතර, පොලිතීන් සහිත ඇසුරුම් රැගෙන ඒම නොකළ යුතුය.
  • ජංගම දුරකථන, ඒ ආශ්‍රිත උපකරණ ගුරු භවතෙකුගේ අවසරයකින් තොරව රැගෙන ඒම නොකළ යුතුය.
  • ඔබගේ අධ්‍යාපනික හෝ පෞද්ගලික ගැටළු වෙතොත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ඇත.
  • ඔබ පාසලේ සංස්කෘතිය වහා හඳුනාගෙන ඒ අනුව අනුගතවීම් කළ යුතු අතර විද්‍යාලයීය විනය පද්ධතිය හා ආචාර ධර්ම අනුගමනය කළ යුතුය.